News

ජනපති කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

එහිදී ජනාධිපතිවරයා මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් හමුවී සමස්ත කිතුණු බැතිමතුන් වෙනුවෙන් සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ අතර දේවස්ථානයේ නැවත ඉදිකිරිම් කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා එම ඉදිකිරීම් ඉක්මණින් නිම කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස යුද හමුදාවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.