News

ජනපති කැලිඩෝ වෙරළ තීරයේ නිරීක්ෂණයට එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

එහිදී වෙරළ තීරයේ සංවර්ධන කටයුතු පිළිබද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිඛේ.

2017 හටගත් ගංවතුරෙන් මෝය ආශ්‍රිත වැලි පර සේදී යාමට ලක්ව ඇත. මේ හේතුවෙන් කලුතර උතුර වෙරළ තීරය දැඩි ඛදනයකට ලක්ව තිඛේ.

ඊට පිළියමක් ලෙස අධියර තුනක් යටතේ වෙරළ සංරක්ෂණය කිරිම ඇරඹිණි. එහි පළමු අධියර ඉදිරි සති දෙක තුල නිම කිරිමට නියමිතයි. මේ අතර මොරටුව සහ පානදුර අශ්‍රිත දෛනික නගර පවිත්‍රකරණය කෙරෙහි ද ජනාධිපතිවරයා මෙහිදි අවධානය යොමු කර ඇත.

නගරාශ්‍රිත පවිත්‍රකරණ කටයුතු විධිමත් අයුරින් සිදු නොවීම පිළිබඳව එවෙලෙහිම පළාත් පාලන නියෝජිතයන් සහ පොලිසියේ නිලධාරීන් දැනුවත් කොට, දෛනික පවිත්‍රකරණ සේවා නිසි ලෙස සිදු නොවීම පිළිබඳ වහා පරීක්ෂණයක් කිරීමටත් හැකි ඉක්මණින් නගරය පිරිසිදු කිරීමටත් උපදෙස් ලබා දී මේ කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළෙමි.