News

ජනපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෙම සමුළුවට සහභාගී වෙයි.

‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වන අතර එහි ඉහළ මට්ටමේ ප‍්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙයි.

ඒ අනුව හෙට දහවල් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.