News

ජනපති චක්‍ර ලේඛය නිසා හිතවතුන්ට වරදාන පුදන්න බැරිව එජාපය අර්බුදයක

ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චක්‍රලේඛය අනුව සුදුස්සන් තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.

ආණ්ඩුව පත්ව මාස එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම නිසා ඒවායෙහි වැඩකටයුතුවලට බාධා එල්ල වී තිබේ.

සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකවරුන් සුදුසුකම් අනුව පත් කළ හොත් එක්සත් ජාතික පක්ෂයට සෘජුව සම්බන්ධ නොවන පිරිසක් පත් කිරීමට සිදුවන බව වාර්තා වේ. එහෙත් මීට පෙර එම තනතුරුවල සිටි හා එම තනතුරුවලට පත්වීමට බලා සිටි පිරිසගෙන් එල්ල වී ඇති විරෝධතා නිසා සුදුසුකම් ලත් අය පත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.