ජනපති තජිකිස්ථාන ජනපතිව හමුවෙයි
ආසියාවේ අන්තර් ක්රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මාහට හමුවිය.
එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ සදහන් වන අතර ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බවද සඳහන් කර ඇත.
Held very fruitful exchange of ideas with Tajik President Emomali Rahmon in Dishnabe. He has excellent views on security of small nations and confidence building measures to prevent conflicts. pic.twitter.com/CjfHfqOHJ3
— Maithripala Sirisena (@MaithripalaS) June 14, 2019
