News

ජනපති පදවි ප්‍රාප්තියට අදට වසර 4යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක් සපිරෙයි. ඒ නිමිත්තෙන් ඊයේ(07) සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වු අතර අද උදෑසන මහා සංඝරත්නය සඳහා දානය පිරිනැමීම ද සිදු කරයි.

කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම අද සිදුකිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෛත්‍රී පාලනයක්, තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ නව ලග්ගල නගරය දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයකි.

ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව රෝහල ජනතා අයිතියට පවරාදීම සහ ලග්ගල ද්විතීක පාසල සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිත සඳහන් කරයි.