News

ජනපති පිලිපීනයේ සංචාරයකට සුදානම්

මේ වසරේ පළමු නිළ සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 15 වන දින පිලිපීනය බලා පිටත් වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගො ඩුටරෙට්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට නිරත වන අතර ජනවාරි 15 වන දා සිට 19 වන දා දක්වා මෙම සංචාරය සිසිදු වේ.

එම සංචාරයේදී දෙරටට බලපාන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයක් මුල් කරගෙන සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.