News

ජනපති මෛත්‍රී සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවුණා.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබදව හලීමා යේකුබ් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රසංශාව පළ කළා.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (23) සිංගප්පුරුව බලා පිටත්ව ගියා.