ජනපති මෛත්රී හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් හෙට (25) කැඳවා තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී හෙට (25) පෙරවරු 10.00 ට මෙම සමුළුව පැවැත්වෙයි.
එමෙන්ම සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් හෙට (25) පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.