ජනපති සහ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
එහිදී ඉදිරි දේශපාලන ක්රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිත බවයි ශ්රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ.