ජනපති සහ විපක්ෂනායක අතර විශේෂ හමුවක් අද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර තිබෙනවා.