ජනපති, හිටපු ජනපති හා එකාබද්ධයේ පක්ෂ නායකයින් හමුවෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත් වී ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුලූ නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් එක්ව සිට ඇති බව වාර්තා වෙයි.
නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන අතර නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුමගේ ප්රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුද පත් කර එය පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව සඳහන් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ඩග්ලස් දේවානන්දදමෙම කමිටුවට පත් කර ඇති බව වාර්තා වේ.
නව දේශපාලන සන්ධානය පිළිබඳව ඉදිරි සති දෙකක කාලය තුළ එකඟතාවක් ඇති කරගැනීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.