ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළඹ ඇති බව ජනපති කියයි
නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මගින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
“ළඟම පාසල – හොඳම පාසල” ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ දිවයිනේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමට බව පොළොන්නරුව හතරඇළ සීවලි ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට අද (29) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.