ජනවාරියේ ඉවත් කළ බදු කිහිපයක් යලි පනවයි
උපයනවිට අයකරන බද්ද යලි අයකර ගැනිමට රජය තීරණය කර තිඛේ.
අත්තිකාරම් බද්ද නමින් මෙය අයකර ගැනිමටයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ මෙහිදී මාසික ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක හෝ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක ආදායමක් හිමි පුද්ගලයින් ඊට අදාල වනු ඇති.
මේ අතර මාසික පොලි ආදායම රුපියල් දෙලක්ෂ 50 දහසක් වන තැන්පතු සඳහා රඳවාගැනිමේ බද්ද ද යලි ක්‍රියාත්මකයි. මෙම බදු මීට පෙර ජනවාරි පළමුවනදා සිට ඉවත් කිරිමට රජය තීරණය කර තිබුණා.
