ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පසුගිය 08 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා පැමිණිලි 1034ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
එයින් පැමිණිලි 992ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර ප්රචණ්ඩ ක්‍රියා සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 08ක් ද ඒ අතර වෙයි.
