News

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2867 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 2867ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගතවූ පැය 24ක කාලය තුළ (2019.11.04 පස්වරු 4.00 දක්වා) කාලය තුළ පැමිණිලි 97ක් ලැබුනු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

පසුගිය 08 වැනිදා සිට ඊයේ (04) දිනය දක්වා තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2748ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේය.