News

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි

ඉදිරි දින කිහිපය තුළ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළේය.

මෙරට ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 14000කට ආසන්න වන අතර මෙවර ජනාධිපතිවරණයට එම ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණවත් ද යන කරුණ සම්බන්ධයෙන් මේ යටතේ අවධානය යොමු කෙරෙනු ඇත.

එයට අමතරව මැතිවරණ රාජකාරී සඳහා යොදා ගන්නා නිලධාරීන්ගේ දත්ත පත්‍රිකා කැඳවා ඇති බව ඔහු සඳහන් කළේය.

ලබන මස අවසානය වන විට මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන් පුහුණු කිරීම ද ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.