ජනාධිපතිවරණයට අනුර ඇප මුදල් තැන්පත් කරයි
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ජාතික ජනබල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂක,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව් දෙනෙකු අද (01) ඇප මුදල් තැන්පත් කල බව ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
ජාතික ජනබල ව්‍යාපාරයේ ස්වාධීන අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් නිහාල් අබේසිංහ ඇප මුදල් තැන්පත් කර තිබේ.
මීට අමතරව,සමන්සිරි හේරත්,සරත් විජිත කුමාර කීර්තිරත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන තිදෙනා ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප මුදල් තැන්පත් කල බව අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.
අද (01) දිනය වන විටදී දේශපාලන පක්ෂ දහයකින් (10) සහ ස්වාධීන අපේක්ෂකයින් හත්දෙනෙකු (07) ඇප මුදල් තැන්පත්කර තිබුණි.
සාලිය කුමාර ගුණසේකර
