ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය.
අද පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වුනු අතර මෙවර ජනපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි බවට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
