News

ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ කරනවා – ලක්ෂ්මන් යාපා

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා කියා සිටියේ මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා නිසා වෙන් ආණ්ඩුව මේ වනවිට අර්බුද රාශියකට මුහුණ දී සිටින බවය.

එමෙන්ම විශේෂයෙන්ම රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ 30-1 යෝජනාව අනුව ප‍්‍රතිත‍්‍රස්තවාදී පනත ඉදිරිපත් කළ යුතුව ඇතැයි කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා එම පනත සම්මත වුවහොත් හුස්ම ගැනීම හැර සියලූම කටයුතු ත‍්‍රස්තවාදී ක‍්‍රියාමාර්ග ලෙස සැක කිරීමට අවස්ථාව සැලැසෙන බව බවය.