ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද සිදුකෙරෙයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුකිරීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන්ශ්රී රත්නායක මහතා පැවසුවේ පෙරවරු 11.30 දක්වා එම නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමටද ඉඩකඩ පවතින බවයි.
LIVE: ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ සජීවී විකාශය…
Posted by Ada Derana on Sunday, October 6, 2019
