ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරට රැස්වෙයි
උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා.
ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක්වුණා.
විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.