ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දෙයි
ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු අද(18) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මෙම ජනාධිපති නීතිඥවරු 25දෙනා අද පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන් වෙයි.
මෙම දිවුරුම්දීමේ උත්සවය සඳහා නීතිඥවරු විශාල පිරිසක ද එක්වී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජනාධිපති නීතිඥවරුන් පත් කර ඇත.