News

ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද සිට ආරම්භ වෙයි

රාජ්‍ය ආයතනවල සිදු වු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද (25) ආරම්භ වීමට නියමිතය.

ඒ යටතේ මහරගම – අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරවරු 9ට එම කොමිසමට පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වන රෝහණ ද සිල්වාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

2015 – 2018 කාලසීමාව තුළ රජයේ ආයතනවල සිදුවූ දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම පසුගිය 19 වන දායින් අවසන් වූ අතර ඒ අනුව ඊට පැමිණිලි 1142ක් ලැබී තිබු අතර ඉන් පැමිණිලි 48ක් සම්බන්ධයෙන් මූලික විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ලේ බැංකුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට එරෙහිව මේ වනවිටත් මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත්වී ඇත.