ජර්මනියේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
ජර්මනියේ කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින් 100,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඇමෙරිකාව, ස්පාඤ්ඤය සහ ඉතාලිට පසුව වැඩිම ආසාදියින් සිටින සිව්වන රට බවට ජර්මනිය පත්ව තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරයෙන් මේ වන විට ජර්මනියෙන් පුද්ගල මරණ 1,584ක් වාර්තා වන බවයි.
අසාද්‍ය තත්ත්වයේ ආසාදිතයින් 3,936ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් පුද්ගලයින් 28,700ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
