ජල ගැල්මේ හානිය සොයා බලන්න අගමැති අද කිළිනොච්චියට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබෙනවා.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා එම චාරිකාවට එක්වනු ඇති බවයි.
එහීදී ජලගැලීමෙන් පීඩාවට පත්වූවන්ට සහන සැළසීම පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා.