News

ජල බිල්පතේ තොරතුරු කෙටි පණිවුඩයකින් ලබාගන්න

ජල සම්පාදන පිළිබද සියලු තොරතුරු කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ලබාගැනීමට හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කළේ ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි බවයි.

මෙම කෙටි පණිවුඩ ක්‍රමය හරහා ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරු ද ලබා ගැනීමේ හැකියාව පවතී.