News

ජවිපෙ අගමැති සමඟ සාකච්ඡාවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරතව ඇත.

එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වෙයි.

එම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තා වන අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙමළ ජාතික සන්ධානය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ඡා කළේය.