News

ජවිපෙ ජනපති අපේක්ෂකගේ නම 14 වැනිදා කරළියට

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික විද්වත් සංසදය සන්ධානගතව පිහිටුවීමට නියමිත ජාතික දේශපාලන ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීම මෙම අගෝස්තු 14 වැනි දින කොළඹ ගාලු මුවදොර පිටියේදී සිදු කිරීමට නියමිතය.

යටිනුවර මැතිවරණ කොට්ඨාසයේදී පසු ගියදා පැවැති ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවකදී එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ පිහිටුවීමට නියමිත ජාතික දේශපාලන ව්‍යාපාරයේ නම මෙම ජූලි මස 14 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්වීමට නියමිත බවය.

පිහිටුවීමට නියමිත ජාතික දේශපාලන ව්‍යාපාරය නව ලාංඡනයක් යටතේ හා නව වර්ණයක් යටතේ ලියාපදිංචි කෙරේ.

අගෝස්තු මස 14 වැනි දින ලක්ෂයකට ආසන්න ජනකායක් හමුවේ ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීමට නියමිත බව ලාල්කාන්ත සඳහන් කළේය.

රංජිත් ගුණවර්ධන