News

ජවිපෙ හා විපක්ෂ නායක අතර හමුවක් අනිද්දා

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් ලබන 6වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන රුළියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේ.

විපක්ෂ නායකවරයා සමඟ පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ නායකයින් සමඟද අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.