ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක්
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව විමල් වීරවංශ මහතා ඊයේ (19) පිළියන්දල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථා සංශෝධන පැමිණෙන්නේ මුදුනේ බලය දුර්වල කිරීමට බවත් එමඟින් තීරණ ගත නොහැකි වියවුල් සහගත රටක් බවට මෙරට පත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
ජිනීවා හරහා පැමිණෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාවත් දේශපාලන ශක්තියත් දුර්වල කිරීමේ මෙහෙයුමක් බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.