News

ජාත්‍යන්තර පාසල් නියාමනයට සූදානමක්

ජාත්‍යන්තර පාසල් නියාමනයට සූදානමක්

සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පවතින නීතිය වෙනස් කර ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා තීරණයක් ගැනීමට රජය සූදානම් බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයකට ලක් නොවුවද ලැබී ඇති තොරතුරු අනුව මෙරට ජාත්‍යන්තර පාසල් තුන්සිය අනූ තුනක් පමණ තිබෙන බව කී ඇමැතිවරයා ආයෝජන මණ්ඩල පනත සහ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ව්‍යාපාර ලෙස මෙම පාසල් පවත්වාගෙන යන බවද පැවසුවේය.

එම නිසා මෙම පාසල් නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නීතිමය බලයක් නැතැයිද හෙතෙම පැවසුවේය.

අජිත් අලහකෝන්