News

ජාත්‍යන්තර පාසල් සිසුන්ට අන්තර්ජාතික ප්‍රශ්නයක්

මෙරට පිහිටි ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් අන්තර්ජාතික විභාගයන්ට මුහුණ දීමේදී අසාධාරණයන්ට ලක්වීමට සිදුවන බව වාර්තා වේ.

සිය පෞද්ගලික පාසලේ ජනප්‍රියතාව රඳවා ගැනීම සඳහා එම පාසල්වලින් පවත්වන විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වුවහොත් අන්තර්ජාතික විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා නොදෙයි. එසේ වුවහොත් ඒ සඳහා පෞද්ගලිකව අයැදුම්කර විභාගයට පෙනී සිටිය යුතු වේ.

එම අන්තර්ජාතික පාසලෙන් ඉදිරිපත් කරන ළමයින් සියලු දෙනාම සමත් වන බව පෙන්වීම සඳහා මෙලෙස තරග විභාගයකින් තෝරා ගැනීමේ උපක්‍රමය සිදුකරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් විභාගය සඳහා මුදල් ගෙවා අයැදුම්කරන නිසා එම විභාගයට සිසුන්ට පෙනී සිටීමට ඉඩ නොදීම අසාධාරණ බව දෙමාපියෝ පවසති.

මධුභාෂණ හේරත්