News

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදේ

දෙදහස් දොළහ වර්ෂයේ නොවැම්බර් 28 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මේ අනුව 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි.

වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.