News

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමතිධුර වැඩි කිරීමේ යෝජනාවක් කථානායකට බාර දෙයි

ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද උදෑසන එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.

පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව සභානායකවරයා අදාළ යෝජනාවෙන් පෙන්වාදී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු අතර කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්මවිය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලබාදුන් යෝජනාවේ සඳහන් වනවා.