ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග
යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සදහන් කළා.
ඒ අනුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෙන එන යෝජනා සඳහා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.