ජාතික ආණ්ඩුව යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට – ඇමති කිරිඇල්ල
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඊයේ (06) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.
විපක්ෂයේ විරෝධතාව නොතකා මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.