ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට
එක්සත් ජාතික පෙරමුණ විසින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව හෙට (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
අද පැවැත් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී එම යෝජනාව ගෙන ඒමට බහුතරයක් වන පක්ෂ නායකයන් විරෝධය දක්වද්දී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කළා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවාදයක්ද හෙට පැවැත්වීමට නියමිතයි.
මෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් අපේක්ෂා කෙරෙනවා.