News

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සැප්තැම්බර් 01 ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සැප්තැම්බර් පළමු වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එදින උදෑසන 9.00ට කොළඹ නව නගර ශාලාවේදි මෙහි කටයතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ සදහා ජනතා විමුක්ති පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින් ද සහභාගි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.

මෙහිදී මැතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව එම නියෝජිතයින් දැනුවත් කෙරෙනු ඇති.