අද සිට ජාතික ධජය ඔසවා තබන්න – රජය ඉල්ලයි
71 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු ම නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික නිදහස් දින උළෙල ලබන 4 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.