News

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව අගමැති රනිල් කියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියා.