News

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සම්මුඛ පරීක්ෂණවල ගැටලු

ජාතික පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා හැකි ඉක්මනින් විධිමත් පත්වීම් ලබාදෙන ලෙසට ලංකා ගුරු සංගමය විසින් ඉල්ලීමක් කර තිබේ.

එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්වීම් ලබා දීමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ පැවැත්වුව ද පත්වීම් ප්‍රමාදයක් පවතින බවය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන කොමිසමේ සභාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ නිසි ලෙස සිදු නොවී ඇති බැවින් නැවත මේ මස තුළ එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.