ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවිමට රජය තීරණය කරයි December 12, 2019 12:37 pm No Comments ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවිමට රජය තීරණය කර ඇත. අදාල පාසල් හඳුනා ගැනීම සදහා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කර ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.