ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අදට අවලංගුයි
පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයට පමණක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
බිඳ වැටුණු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ක්රියාමාර්ග ගනිමින් සිටින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළ අතර ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇත.
