News

ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශන අවසන් කරනමෙන් FCID යට නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද නියෝග කර ඇත.

අද දින අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලැබී ඇති අතර මෙහිදී ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු යළි දීර්ඝ කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉල්ලීමක් කළ අතර එය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර ඇත.

මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ මීට පෙර විවෘත වරෙන්තු නිකුත් කර ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ අංශ මෙතෙක් සමත් වී නොමැති බවයි. අතර යළි යළිත් වරෙන්තු නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් හෝ දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

මොහුට විරුද්ධව එල්ල වන චෝදනා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රුපියල් පන් කෝටි දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණයයි.