News

ජුලි 01වනදා සිට රජයේ සේවකයින්ට රු.2500ක අන්තර් දීමනාවක්

සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනි දින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම අන්තර් දීමනාව අය – වැය යෝජනාවට අනුව ලබා දෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර එයට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයින්ට සියයට 107 න් වැටුප් වැඩිවීමක් හිමිවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව ලබන 2020 වනවිට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905 ක් පමණ වැයවන බව ගණන් හදා බලා ඇත.