News

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට අවසර

මහ බැංකු බැඳුම්කර වංචාවේ විත්තිකරුවෙකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ඊයේ (13) දින අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් ඔහු කළ ඉල්ලීමකට අනුව එම තීන්දුව ලබා දී ඇති අතර
සිංගප්පූරුවේ පැවැත්වෙන සිය දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම නිසා ලබන මස 01 වනදා සිට 11 වනදා දක්වා විදේශගත වීමට ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට අවසර ලබා දී ඇත.