News

ජෙෆ්රි ඇලෝසියස් රට යන්න අවසර ඉල්ලයි

විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස්ස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියම කර ඇත.

අද(31) ඇලෝසියස් මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුණු අතර එහිදී ඇලෝසියස් මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම මස 14 වනදා සිට මාස දෙකක කාල සීමාවක් සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍යව ඇති බවය.

එම නිසා ඔහුට දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාල කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කර දෙන මෙන් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.