News

ජේලර්ගේ බඩට ගැහුව හර්ෂණගේ සෙල්ෆිය

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් ගැනිමට මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඊයේ (08) දිනයේදී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින මන්ත්‍රී රංජන් රාමනායක ගේ සැපදුක් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී සෙල්ෆි ජායාරූපයක් ගෙන ඇති අතර පසුව ඔහු එය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණි.

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක මහතා සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.