News

ඥානසාර හිමි නිදහස් දිනට පෙර නිදහස් කරන ලෙස හින්දු සම්මේලනය ඉල්ලයි

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එළෙඹෙන පෙබරවාරි 4 නිදහස් දිනට පෙර ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක්, ජනාධිපතිවරයාට බාරදෙන ලෙස ඉල්ලා මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වෙත ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් බාර දෙන ලදි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හිංදු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති නාරා. ටී. අරුන්කාන්ත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක් විය.